FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍ය ධුරය එජාපය ඉල්ලයි.

නිශාන්ත වර්ණසිංහ මහතාට බස්නාහිර පළාත් සභාවේ හිමිව තිබූ සෞඛ්‍ය අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිය අත්සන සහිත ලිපියක් අගමැතිවරයා වෙත යොමු කර ඇති අතර අමාත්‍ය ධුරය සඳහා පළාත් සභා මන්ත්‍රී මංජු ශ්‍රී අරංගල මහතාගේ නම ද යෝජනා කර ඇත.
මෙම ඇමැති ධුරය යහපාලන වැඩපිළිවෙළ සඳහා හිමිවූ ධුරයක් හෙයින් යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන එක්සත් ජාතික පක්ෂයට අමාත්‍ය ධුරය හිමිවිය යුතු බව ද ඔවුන් සඳහන් කර ඇත.