FAST NEWS

24×7 Around the Globe

අතිජාත මිත‍්‍රයාගේ ගැබිනි බිරිය කැලේට අරන් ගිහින් අතවරයකට සැරසිලා.

සිය අතිජාත මිත‍්‍රයාගේ බිරියට අතවරයක් කරන්න ගොස් හසුවූ මිතුරෙකු ගැන පුවතක් තඹුත්තේගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
පාසල් සමයේ සිට අතිජාත මිතුරෙකු ලෙස ඇසුරු කළ මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පාසල් සමය නිමවූ පසුවම වාගේ විවාහ දිවියට පිවිස ඇත. එක් අයෙකු විවාහ වුවද විවාහයෙන් පසුත් එම මිතුදම නොවෙනස්ව ඔවුන් පවත්වාගෙන ගොස් ඇත. තනිකඩ මිතුරා විවාහක මිතුරාගේ නිවසට නිතර යාම ඒම පුරුද්දක් කරගෙන ගොස් තිබුණි. ඔවුන් එක්ව විනෝද චාරිකා වලටද සහභාගී වී ඇත.
විසි හැවිරිදි වියේ පසුවන මිතුරාගේ බිරිය රූමත්ය. ඇය විවාහ වී මාස කිහිපයකින් ගැබිණියක බවට පත්වූවාය. ගැබිනි කාන්තාවගේ නිවෙසට මිතුරා නැති වේලාවේදීත් අනෙක් මිතුරා ඇතැම් අවස්ථාවල පැමිණ කථාබස් කර යාම පසුගිය කාලයේ පුරුද්දක් කරගෙන තිබී ඇත.
ඔහු පසුගිය 31දා පැමිණි අවස්ථාවේ බිරිය බිය ගන්වන පුවතක් සැල කර තිබෙනවා. ඇයගේ සැමියා තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු බැලීමට පොලිසියට යන්නට අවශ්‍ය නම් තමාට උදව් කළ හැකි බවත් ඔහු පවසා ඇත.

මිතුරා කියන්නේ ඇත්තක් යයි සිතූ බිරිය කලබලයට පත්ව ඇඳුම් ඇඳ සූදානම්වී ඔහු සමග පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇත.

පොලිසියට යන්නට මිතුරාගේ යතුරු පැදියට නැගුණ පසුව ටික වේලාවකින් එය අතරමග පාළු ස්ථානයක නැවතූ මිතුරා බිරියවද බස්සවා ඇත.

මුසල්පිටිය ප‍්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑවකට යාබදව පාළු පාරක නැවතුනේ ඇයිද යන්න බිරිය මිතුරාගෙන් ඇසුවත් ඔහු කිසිවක් නොකියා ඇයව කැලය දෙසට අඬගසා ගොස් ඇත්තේ එන්නකො මේ පාරෙන් මං ඔයාව එහාට එක්ක යන්නම් යයි කියමිනි.
මෙසේ ඇයව කැලෑවකට රැුගෙන ගොස් ඇති මිතුරා අනපේක්ෂිත ලෙස ඇයව ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබෙන අතර ඇයට අතවර කිරීමට උත්සාහ දරා තිබේ.

බය වෙන්න එපා මං යාළුවට මුකුත් කියන්නෙ නෑ.. ඔයාට මේකින් මුකුත් වෙන්නෑ කියමින් ඔහු ඇයව අවනත කරගන්නටද ප‍්‍රයත්න දරා ඇත. නමුත් ඔහුගේ යෝජනාවන්ට එකග නොවූ ගැබිනි කාන්තාව මිතුරාට පහරදී දුවගොස් තිබෙන අතර පසුව අතරමග වාහනයක් නවතාගෙන එතැනින් පළාගොස් ඇත. පසුව මේ පිළිබඳව තඹුත්තේගම පොලිසියට පැමිණිලි කිරීමටද ඇය කටයුතු කර තිබෙනවා. තම සැමියා පොලිසිය අල්ලාගත් කතාව මුසාවක් බවද ඇය එම අවස්ථාවේ දැනගෙන ඇත.