නවසීලන්ත වේග පන්දු යවන ක්‍රිඩක ටීම් සවුති ආබාධයකට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරයේ නවසීලන්තය පන්දුවාර 20 යි 20 තරගාවලියට තරග 2 ක් ඇතුළත් ය.
එහි පළමු තරගය හෙට මවුන්ගනුයි ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ආබාධයකට ලක් වී සිටින ටීම් සවුතිට පන්දුවාර 20 යි 20 තරගාවලියට ද ක්‍රිඩා කිරීමට නොහැකි වන බවයි.
පසුගිය වසරේදී ද ටිම් සවුතිට ආබාධයකට ලක්වීම නිසා තරග බිමෙන් ඉවත්ව සිටීමට සිදු වූ අතර ඉන් අනතුරුව ඔහු එක් වූ පළමු තරගාවලිය මෙයයි.
තම ප්‍රධානතම පන්දු යවන්නෙකු වන සවුති මෙලෙස නිතර නිතර ආබාධවලට ලක්වීම කණ්ඩායමට අවාසිදායක බව නවසීලන්ත ක්‍රිකට් පුහුණුකරු මයික් හෙසන් පවසයි.







