FAST NEWS

24×7 Around the Globe

මහේල ඇඩලේඩ් ස්ට්‍රයිකර්ස් පෙරමුණටම කැන්දාගෙන එයි.(වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වගේම, කණ්ඩායමේ නායකත්වය හොදින් දරපු ක්‍රීඩකයෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ආදරය මහේලට වැඩි වෙන්න හේතුවක් තමයි ඔහුගේ පන්දුවට පහරදීමේ විලාශය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මහේල නොසිටියත් ඔහුගේ පිතිහරඹයන් අපිට තවමත් දකින්න වාසනාව තියෙනවා. ඒකට හේතුව මහේල ජාත්‍යන්තර විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කිරීම.

මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ ඇඩලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තමයි මහේල නියෝජනය කරන්නේ. මේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා විදිහට තමයි මහේල පිටියට පැමිණෙන්නේ.

අපි දැන් ඔයාලට මහේල ගැන කියන්න ප්‍රධාන හේතුව තමයි ඊයේ (05) පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම එක්ක තරගයේදී මහේල වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීම. ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් මහේල විතරයයි ඊයේ (05) වැඩිම ලකුණු සංඛ්‍යාවත් වාර්තා කළේ. මහේල පන්දු 37කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් එක්ක ලකුණු 57ක් රැස්කළා.

මහේලගේ අලංකාරවත් ලකුණු 57 පහතින් බලන්න….

https://www.facebook.com/lankaskynet/videos/1708897959345146/

මේ තරගයේ ජයග්‍රහණයත් එක්ක මේ වෙනකොට බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළවැනි ස්ථානයට එන්න  ඇඩලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්වෙලා තියෙනවා

003