FAST NEWS

24×7 Around the Globe

බෝල 324 කදී ලකුණු 1009 ක් රැස්කර ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි.

මුම්බායි ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කර තිබූ අන්තර් පාසල් HT කුසලාන තරගයේ දී අදහාගත නොහැකි සිදුවීමක් වුණා.

කේ.සී ගාන්ධි පාසල සහ ආර්ය ගුරුකුල් පාසල් දෙක අතර දින දෙකක් පුරා පැවති තරගයේ දී තමයි මෙම සිදුවීම වුණේ.

මේ ක්‍රිකට් තරගයේදී කේ.සී ගාන්ධි පාසල ලකුණු 1465 ක් ලකුණු ලබාගෙන ජයගත්තා.

හැබැයි මේ තරගයේ සිදු වූ අදහාගත නොහැකි සිදුවීම තමයි එක් තරගකරුවෙකු පමණක් ලකුණු 1009 රැස්කර තිබීම.

වයස අවුරුදු 15 ක (pranav dhanawade) ප්‍රනාව් දනවඩේ නමැති ඒ ක්‍රීඩකයාට මේ ලකුණු රැස්කර ගැනීමට බෝල 324 ක් සහ විනාඩි 395 ක කාලයක් ගතවෙලා තිබුණා.

ඒ වගේම මේ ක්‍රීඩකයා 1009 ක ලකුණු සංඛ්‍යාව රැස් කරන්න 6 පහර 59 ක් සහ 4 පහර 129 ක් වාර්තා කළා.

ප්‍රනාව් දනවඩේ පළමු දිනයේම ලකුණු 652 ක් රැස්කළා. ඒ වන විටත් ඔහු එතෙක් මෙතෙක් පැවති සියලු වාර්තා බිඳ දමලයි තිබුණේ.

1899 වර්ෂයේ එංගලන්තයේ පැවති කණිෂ්ඨ තරගාවලියක දී 628 ක ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ ආතර් කොලින්ට් නමැති ක්‍රීඩකයා විසින්

05pranav105pranav2shreyasiyerkd-t