FAST NEWS

24×7 Around the Globe

මහේල හා කුමාර් දින 4ක් කල් ඉල්ලයි.

ලෝ ප‍්‍රකට ලතින් ඇමරිකානු ගායක එන්රික් ඉග්ලේසියස්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ‘Sex & Love’ ප‍්‍රසංගයෙන් කොළඹ නගර සභාවට අය විය යුතු බදු මුදල් ගෙවීම සදහා තමත් දින හතරක කාලයක් එම සංගීත සන්දර්ශනය සංවිධානය කල මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ සමාගම විසින් කල් ඉල්ලා තිබේ.

කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා පැවසුවේ ඊට අදාළ ටිකට් පොත්වල කොටස් ඉදිරිපත් කිරීමටද එම සමාගම පොරොන්දු වූ බවයි.

පුරපතිවරයා පසුගියදා මාදය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ප‍්‍රසංගයෙන් කොළඹ නගර සභාවට රුපියල් කෝටි තුනකට ආසන්න බදු මුදලක් අහිමි වූ බවයි.