FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස්ගේල්ට ඩොලර් දසදහසක දඩයක්.

මෙවර බිග් බෑෂ් පන්දුවාර විස්ස තරගාවලියට ක්‍රීඩා කරන බ.ඉ.කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල්ට ඩොලර් දසදහසක (රුපියල් මිලියන 1.4) ක දඩයක් පැනවීමට එහි තරග සංවිධායකයන් තීරණය කර ඇත.

ඒ  තරගාවලියේ හෝබාට් හරිකේන්ස් හා මෙල්බර්න් රෙනගේඩ්ස් අතර තරගය අතරතුරදී රූපවාහිනී නිවේදිකාවකට අවිනීත අන්දමින් ආමන්ත්‍රණය කිරීම හේතුවෙනි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පසුව අදාළ නිවේදිකාවගෛන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමටද ගේල් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ, ක්‍රීඩකයන් පිටිය තුළදී විනීත අන්දමින් හැසිරිය යුතු බවයි.