FAST NEWS

24×7 Around the Globe

කොළඹ ස්ථාන කිහිපයක පාර්කින් වලට මුදල් අය කිරීම්

මේ දක්වා කොළඹ වාහන නවතා තැබීමට නොමිලයේ වෙන්කළ ස්ථාන රැසක් (පී පුවරුව සටහන් කළ ස්ථාන මුදල් අය කරන වාහන නැවතුම් බවට වෙනස් කර තිබෙනවා. එය වාහන තදබදයට පිළියමක් ලෙස සිදු කරන බව කොළඹ මහ නගර සභාව දන්වා ඇත.

මෙතෙක් මුදල් අය නොකළ ගාලූ පාරේ , ගාලූ මුවදොර පිවිසුමේ සිට

දෙහිවල ගුවන් පාලම දක්වා කොටසත් ආර්.ඒ. ද මැල් මාවතේ වාහන නැවතුම් ස්ථාන 1600 කත් ගාලූමුවදොර පිටිය, විහාරමහා දේවි උද්‍යානය සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට මෙම ගෙවීම් පදනමේ වාහන නැවතුම් පොළ සකසා ඇත.

පැයක කාලසීමාවක් සඳහා යතුරු පැදියකට රුපියල් 10 ක් ද, ත‍්‍රි රෝද රථයකට රුපියල් 20ක්ද මෝටර් රථයක් හෝ වෑන් රථයකට රුපියල් 30 ක් ද බස් සහ ලොරි රථ සඳහා රුපියල් 50 ක් ද වශයෙන් මුදල් අය කරනු ඇත.