සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ හෙට (05) පැවැත්වෙන අවසන් තරඟය සඳහා නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් සභභාගී නොවන බව වාර්තා වේ.
දෙසැම්බර් 28 වනදා පැවති දෙවන එක්දින තරගයේදී පන්දු රැකීමේදී ඇතී වූ කොන්දේ ආබාධයක් හේතුවෙන් ඔහුට එම තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබේ.
ඒ අනුව හෙට මවුන්ට් මවුනනුඉහිදී පැවැත්වෙන තරගය අබාධ තත්වය හේතුවෙන් ඔහු සහභාගී නොවන තෙවන තරගයයි.
නවසීලන්තය කණ්ඩායමේ පුහුණුකරු මයික් හෙසන් පවසා ඇත්තේ ජනවාරි 25 වනදා පකිස්තානයට සමඟ පැවැත්වෙන එක්දින තරගය තෙක් ඔහුව තරග සඳහා සහභාගී නොකරවන බවයි.
ශ්‍රී ලංකාවට එරෙහි තෙවන එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ නවසීලන්ත වේග පන්දු යවන්නකු වන ටිම් සෞතීද හෙට පැවැත්වෙන තරඟය සඳහා සහභාගී වන්නේ නැත.







