FAST NEWS

24×7 Around the Globe

මව දිය නෑමට ගිය අවස්ථාවේ දුව දූෂණය කරලා.

වතු කම්කරුවකු විසින් ලයින් කාමරයක පැවැත්වූ අලුත් අවුරුදු සාදයක් අවසානයේ වතු ක්ෂේත්‍ර නිලධාරියකු විසින් යාබද කාමරයේ සිටි තරුණියක දූෂණයට ලක් කරනු ලැබ ඇති බවට හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙසේ අතවරයට ලක්වී ඇති බව පැවසෙන්නේ හංවැල්ල ප්‍රදේශයේ වැවිලි සමාගමට අයත් ලයින් කාමරයක පදිංචි තරුණියකි. කතා කිරීමේ අපහසුතාවකින් පෙළෙන මෙම තරුණියගේ පියා නොමැති බවත්, මව සමඟ ජීවත් වන බවත් පැවැසේ.

චෝදනාවට ලක්වී ඇති ක්ෂේත්‍ර නිලධාරියා ද එම වත්තේම සේවය කරන විවාහක එක් දරු පියෙකි. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ තරුණියගේ මව දිය නෑමට ගොස් සිට ඇති අතර අසල්වාසීන්ගේ දැනුවත් කිරීම මත පොලිසියට පැමිණිලි කර ඇත. තරුණිය දූෂණය වී ඇත්දැයි නිගමනය කිරීම සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කර තිබේ. ක්ෂේත්‍ර නිලධාරියාගේ වැඩ තහනම් කර වත්තෙන් නෙරපා දමා ඇත. මේ පිළිබඳව නොසන්සුන්තාවයකට පත්ව සිටි එම වත්තේ සේවකයන් වතු අධිකාරිවරයා සහ වෘත්තීය සමිතිය මැදිහත්වී සමථයකට පත් කර ඇත.