FAST NEWS

24×7 Around the Globe

පබාගේ දෙවැනි විවාහයට දින නියම වේ.

ජනප්‍රිය නිළියක් හා හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂා ස්ව්ර්ණමාලි හෙවත් පබාගේ විවාහය ලබන 24 වැනිදා කිංග්ස්බරී හෝටලයේදී පැවැත්වෙන බව වාර්තා වේ.

මෙය ඇගේ දෙවැනි කසාදයයි.

මෙවර ඇය විවාහවන්නේ ව්‍යාපාරිකයකු සමඟ බව පැවසෙන අතර ඔහු ඇයට වඩා වසර 08ක් වැඩි මහළු බවද පැවසේ.

කෙසේවුවද පබාගේ විවාහයට ආරාධනා ලැබෙන්නේ 150 දෙනෙකුට පමණක් බවද වාර්තා වේ.

මේ විවාහය යෝජිත එකක් බවට ද වාර්තා වන අතර පබා හා ඔහුගේ පෙම්වතා 2001 පමණ සිට දැනහඳුනන අයෙක් බවද පැවසේ.

පබාගේ කසාදයට ඇගේ කිට්ටුම හිතවතෙකුව සිටි අකලංක ගනේගමට ආරාධනා කර නැතැයිද වාර්තා වේ.

ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටී.

“ මට පුද්ගලයෙක්‌ විශේෂ වෙන්නේ මගේ හිතට ශක්‌තියක්‌ වෙලා මගේ අඩුපාඩු පෙන්වාදෙනවා නම් විතරයි. ඉතිං මගේ විවාහ උත්සවයට ආරාධනා කළේ එවැනි පිරිසකට විතරයි. ඒක හින්දා එදාට අකලංක නැහැ.”