FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ ප්‍රථම වරට අසියානු රටවල් 05ක් හොදම එක්දින දහය අතරට.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට දකුණු ආසියානු කලාපයේ රටවල් 05 ක් ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු රටවල් දහය අතරට අතරට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා සිටි අතර, ඒ සඳහා අලුතින්ම එක්වූ සාමාජිකයා ඇෆ්ගනිස්තානය වේ.

ඊයේ (31දා) දිනය වනවිට ඔස්ට්‍රේලියාව (01), ඉන්දියාව (02), දකුණු අප්‍රිකාව (03), නවසීලන්තය (04), ශ්‍රී ලංකාව (05), එංගලන්තය (6), බංග්ලාදේශය (7), පාකිස්තානය (8), බටහිර ඉන්දීය කොදෙව් (9) හා ඇෆ්ගනිස්තානය (10) පළමු ස්ථාන 10 පසුවිය.