FAST NEWS

24×7 Around the Globe

ශාරුක් ඛාන් සමුගන්න දිනය හෙළි කරයි.

බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියතම නළුවකු වන ශාරුක් ඛාන් පසුගිය දිනක ඔහු විශ්‍රාම ගන්නේ කවදාදැයි හෙළි කර තිබේ.

ඔහුගේ මීළඟ චිත්‍රපටය වන ‘ෆෑන්’ පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එහිදී එම චිත්‍රපටය සම්මාන රාශියක් දිනා ගනු ඇතිදැයි ඔහුගෙන් විමසූ විට ඔහු පවසූවේ ඔහු ජාතික සම්මානයක් ලැබෙන තුරු බලා සිටින බවයි.

ඒ බව විහිළුවට මෙන් පවසමින් ඔහු පවසා ඇත්තේ ජාතික සම්මානයක් හිමිවන තුරු ඔහු බලා සිටින බවත් ඉන් අනතුරුව ඔහු සිය නළු ජිවිතයට සමු දෙන බවත් ය