FAST NEWS

24×7 Around the Globe

චීන මව්පිය යුවලකට අද සිට දෙකක් පුළුවන්.

අද 2016 ජනවාරි 01 සිට චීනයේ ‘තනි දරු නීතිය’ දරු දෙදෙනාගේ නීතිය බවට වෙනස්කමට ලක්වෙයි.

මේ අනුව 1978 වසරේ සිට චීනයේ පවුල් සැලසුම් ක‍්‍රමයක් ලෙස ක‍්‍රියාත්මකවූ එක් මාපිය යුවලකට එක් දරුවෙකු පමණක් බිහිකිරීමේ ප‍්‍රතිපත්තිය දරු දෙදෙනා දක්වා ඉහළ දමා වෙනස්කර ඇත.
චීනය ලෝකයේ අධික ජනගහනයක් ඇති රටක් නිසා දියුණු කරන්නට බාධාවක් ලෙස පෙනුණ ජනගහණ වර්ධනය සීමා කළයුතු යයි තීරණයක් ගත් අතර හැත්තෑව දශකයේ එරට පාලක කොමියුනිස්ට් පක්ෂය ගෙන ආ මෙම නීතිය නිසා සෑම පවුලකටම එක් දරුවෙකු පමණක් බිහිකරන්නට අවසර ලැබුණා. දෙවැනි දරුවා බිහිකරන්නට අවසර ලැබුනේ පළමු දරුවා ගැහැණු නම් පමණි.
මෙම නීතිය උල්ලංඝනය කළ පවුල් වලට ඒ ඒ ප‍්‍රාදේශීය නීති අනුව විවිධ ගණන්වල දඩ වලට ලක්වන්නට සිදුවුණා. මේ නිසා එරට ගබ්සා කිරීම්ද ඉහළ ගිය අතර බාහිර ලෝකය මෙම සංසිද්ධිය මානව හිමිකම් කඩකිරීමක් ලෙසද කථාබහට ලක් කළා.
මෑතකදී කළ සංගණනයකින් හෙළීවුයේ මෙම නීතියට එක`ගව චීන ජනගහණයෙන් සියයට 76 ක්ම පවුල් සැලසුම් කර තිබුණ බවයි. මේ නිසා වසර ගණනාවක් තිස්සේ මිලියන 400 ක් දරු උපත් පාලනය කළ බවද එරට බලධාරීන් කියා තිබුණි.
කෙසේ වෙතත් 2016 ජනවාරි 1 සිට චීනය මෙම නීතිය දරු දෙදෙනා දක්වා සංශෝධනය කර තිබේ. එය එරට නව පරම්පරාව ලැබූ ජයග‍්‍රහණයක් ලෙසද අද සැමරේ.