FAST NEWS

24×7 Around the Globe

රවී ඓතිහාසික සේප්පුව කඩා දමයි.

කොළඹ කොටුවේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ පිහිටි මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ මුදල් ඇතුළු වටිනා දේ තැන්පත් කරන සේප්පුව කඩා ඉවත්කරීම අරඹා තිබේ.

රාජ්‍ය මන්ත්‍රණසභාව පැවති කාලයේ පටන් පැවත එන මෙම සේප්පුව කොන්ක්‍රීට් යොදා, දැඩි ආරක්ෂාවක් සැලසෙන ලෙස ඉදිකර ඇති වර්ග අඩි 100කට වඩා විශාල එකකි. මේ සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් බව වාර්තා වේ. බෝර යොදා පසුගිය දෙසැම්බර් 30 දා සිට සේප්පුව විනාශ කිරීමේ වැඩ ඇරඹී තිබේ.

ඓතිහාසික වටිනාකමකින් යුත්, එසේම දැඩි ආරක්ෂිත ස්ථානයක් මෙසේ හදිසියේ කඩා ඉවත්කිරීම පිළිබඳ බලවත් සැකයක් මතුවන බවද එම ආරංචි මාර්ග පවසා සිටී.

ඇතැම් ආරංචිවලින් කියවෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලය සඳහා මෙම ස්ථානය භාවිතා කිරීමට මෙසේ මෙම ඓතිහාසික සේප්පුව විනාශ කරන බවය.