FAST NEWS

24×7 Around the Globe

ගයාන් චතුරිකා විවාහය නව වසරේ.

ගයාන් – චතුරිකා නව පරපුරේ ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙක්. දිනපතා විකාශනය වන සහේලි නිසා ඔවුන් මේ දවස්වල කාර්යබහුල වෙලා. ඔවුන්ගේ ජීවිතයේ මංගල සීනු හැඬවෙන දවසත් වැඩි ඈතක නෙවෙයි කියලත් අපිට දැනගන්න ලැබුණා.

මේ දවස්වල අපි දෙන්නම කාර්යබහුල වෙලා ඉන්නේ. සහේලි රූපගත කිරීම් තා සාර්ථකව මේ දිනවල කරගෙන යනවා. ඒ නිසා වෙනත් නිර්මාණයන් බාර ගත්තෙත් නැහැ. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.

සහේලි ගුණාත්මක භාවයෙන් යුතු, හරවත්, දේශීයත්වයට නැඹුරු දිනපතා විකාශනය වන ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට පත්කරන්නයි අපේ එකම බලාපොරොත්තුව. දැන් මෙගා ටෙලිනාට්‍ය රැල්ල නිසා හොඳ නිර්මාණවලට තැනක් නැහැ. අපි ඒ සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා අලුත් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. ඒ නිසා සහේලි සාර්ථක නිර්මාණයක් වේවි.

සහේලි රූපගත කිරීම් කරන්න, Location බලන්න අපි ගියා. යනකොට මී හරක් රංචුවක් ඉදිරියට ආවා. මෙයාලා එන්නේ හොඳකට නෙවෙයි කියලා මට හිතුණා. අපිත් එක්ක සහෝදර නළුවෙකුත් ගියා. ඉතින් මාර වැඩේ තමයි වුණේ.

මී හරකෙක් ඔහුට ගහක් මුලදි විනාඩි එක හමාරක් විතර ඇනගෙන ඇනගෙන ගියා. ඒක තමයි මම ජීවිතයට ම විඳපු ත්‍රාසජනකම අත්දැකීම කියලා ගයාන් අපට කිව්වේ හරිම කනගාටුවෙන්.

මේ කතාබහ අතරතුරේදී චතුරිකාගේ මිහිරි කටහඬ විවර වුණේ මේ විදියටයි.

සහේලි ටෙලිනාට්‍ය අවසන් වූ විගස අපේ විවාහ මංගල උත්සවය ලබන අවුරුද්දේ ි පවත්වන්න සූදානම් කරනවා.