සාමාන්‍යයෙන් සමාජයේ ක‍්‍රමය තමයි, අධ්‍යාපනය අවසන් කරල රැුකියාවක් කරන එක. ඊට පස්සේ හැමෝම කරන්නේ හොඳ කෙනෙක් හොයාගෙන විවාහ වෙන එක. ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැහැ විවාහ වෙන්න හොඳම වයස මොකක්ද කියලා.
ඹඒය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන භසජයදක්ි උදකසෙබටැර අපූරු අධ්‍යයනයක් කරල තියෙනවා. ඒ තමයි කෙනෙක් විවාහ වෙන්න සුදුසුම වයස මොකක්ද කියල සොයන එක. ඔහු මේ පර්යේෂණයෙන් දික්කසාද වීම ඉතාමත් අඩුවෙන් සිදුවෙන විවාහ වීමට සුදුසු කාලය හඳුනාගෙන තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඒ වයස 28 – 32 අතර කාලයයි.
ඔහු මේ පර්යේෂණය සඳහා 2006-2010 සහ 2011-2013 වර්ෂවල ඇමරිකාවේ පවුල් වර්ධනය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තා අධ්‍යනය කර තිබෙනවා. එහිදී වයස අවුරුදු 15ත් 44ත් අතර පිරිමින් සහ කාන්තාවන් 22000ක ගේ පමණ විවාහය, දික්කසාදය, ලිංගික කාර්යන් සහ ගැබ් ගැනීම් වැනි කරුණු ගැන අධ්‍යයනය කර තිබෙනවා. අවසානයේදී ඔහු විවාහ වීමට සුදුසුම කාලය ලෙස නම් කර ඇත්තේ වයස 28 – 32 වයස් සීමාවයි.
ඔහුගේ අධ්‍යනයට අනුව නව යොවුන් වියේ සිට වයස 20 ගණන්වල අවසානය දක්වා සිදුවන විවාහයන් දික්කාසාද වීමේ වැඩි ප‍්‍රවනතාවක් පවතින අතර නැවතත් වයස 32න් පසු සිදුවන විවාහයන් දික්කාසදයෙන් කෙලවරවීමේ අවධානම වසරකට 5%කින් ඉහල යන බවයි.
වයස අවුරුදු 28 -32 අතර විවාහ වීමේ තවත් වැදගත් කමක් විදියට ඔහු දක්වන්නේ ඒ වන විට ඔබට අවශ්‍ය මොනවාද? ඔබගේ රුචි අරුචිකම් සහ ඔබගේ සහකරුගෙන් බලාපොරොත්තු වන දේවල් ඔබ හොඳින් හදුනාගෙන තිබීම බවයි. මේ හේතුවෙන් අඩු වයසින් විවාහ වන අයට වඩා සාර්ථක විවාහ දිවියක් ඉහත වයස පරතරයේදී විවාහ වන අයට හිමිවෙනවා. විශේෂයෙන්ම තරුණ වියේදී හෝමෝන වර්ධනය නිසා ඇතිවන ආශාවන්ට වහල් නොවී සහකරු තෝරා ගැනීමේ හැකියාව මේ වයස් සීමාවේදී ඇති බවයි පැවසෙන්නේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.