FAST NEWS

24×7 Around the Globe

නිශාන්ත ශ්‍රී වර්නසිංහගේ තැන කාන්තාවකට?

බස්නාහිර පළාතේ අයවැය සම්මත වුවත් හෙළ උරුමයේ මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්නසිංහගේ අමාත්‍යංශවල මහ ඇමති ඉසුරු දේවප්‍රිය පහුගිය අඟහරුවාදා දිවුරුම් දුන්නා.

කොහොම වුණත් ජාතික හෙළ උරුමයට බස්නාහිර පළාත සභාවේ අමාත්‍යධුරයක් හිමිවෙලා තිබුණා. මුලින් උදය ගම්මන්පිළ මේ අමාත්‍යධුරය දැරුව ඊටපස්සේ ඒක නිශාන්තට ලැබුණා.

එයාගේ අමාත්‍යධුර පවර ගත්තට පස්සේ ඒ ඇමතිකම ජාතික හෙළ උරුමයටම ලැබෙන්න ඕනේ කියලා පක්ෂ අභ්‍යන්තරය කතා බහක් යනවා. ඇතැම් පිරිස් මේ සඳහා නිරෝෂා අතුකෝරළ පළාත් සභා මන්ත්‍රීවරිය යෝජනා කරන්න යනවා කියලත් ආරංචියක් යනවා.