FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් නිලවරණයට ප්‍රතික්ෂේප වු නාම යෝජනා පහට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරය.

ලබන 03 වන දා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ එහි හිටපු උපසභාපති කේ. මදිවානන් මහතා ඇතුළු පස්දෙනෙකුට ඊට තරග වැදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (31)අවසර හිමිවිය.

එම අවසරය හිමිවූයේ කේ.මදිවානන් මහතා අධිකරණට ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ය.

ඔහු ගොනු කළ පෙත්සමේ දැක්වුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ වසර දෙකක් සම්පුර්ණ නොකිරීම හේතුවෙන් තමන්ට නිලවරණයට තරග වැදීමේ අවස්ථාව අහිමි වූ බව ය.

එම තීරණය අත්හිටුවා තමන්ට නිලවරණයට තරග වැදීමට අවසර දෙන්නැයි මදිවානන් මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණ.

එය සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ට නිලවරණයට තරග කිරීමට ඇති බාධක ඉවත් කරමින් අදාළ තීන්දුවට අද (31) අත්සන් තැබී ය.