තහනම් උත්තේජක චෝදනාවට ලක්ව ඇති කුසල් ජනිත් පෙරේරාව කිසියම් පුද්ගලයෙකු තරග පාවාදීම් සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වී තිබෙන බවත්, එම පුද්ගලයා පිළිබඳව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
කුසල්ගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක ඇතුළත්ව තිබුණේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “කුසල්ගේ කාරණය ගත්තාම ඔහු ප්‍රකාශ කරන්නේ තහනම් උත්තේජකයක් අරගෙන නෑ කියලා. ඔහුගේ මුත්‍රා සාම්පලවල තිබුණේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් (තහනම් උත්තේජක සංඝටක) අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. ඔහුගේ සිද්ධිය වටා තරග පාවාදීමේ වැඩසටහනක් යටතේ යම් පුද්ගලයෙක් ක්‍රියාකාරීව සම්බන්ධ වෙලා තිබෙනවා.
මම බලන්නේ මේක මුල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කරන්න. එහිදී අදාළ පුද්ගලයාව ප්‍රශ්න කරලා මොකක්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය කියලා තීරණය කරන්න. තරග පාවාදීම් සඳහා ඔහුව යොදාගැනීමට බැරිවීම තුළ ඔහුව නෙරපීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණාද කියා දන්නේ නෑ. මේක වටේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ලෝක කුසලානයේ කුසල් වැදගත් සාධකයක්” යැයි පැවැසීය.
එසේම නවසීලන්තය හා පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමා සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවශ්‍ය කණ්ඩායම ලබාදීමට පියවර ගත් බවත් ඒ කණ්ඩායම සමගින් ක්‍රීඩා කිරීම ඔවුන්ගේ වගකීම බවත්යි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ අසාර්ථකවීම හා මහේල හා සංගා කණ්ඩායමෙන් ඉවත්වීමද කණ්ඩායමට විශාල පීඩනයක් වී ඇති බවයි.
“දැනට ජෙරෝම් ජයරත්න (ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලික පුහුණුකරු) මහතාගේ අඩුවක් දකින්නේ නෑ. ඔහු ඉතාම හොඳින් කණ්ඩායම හසුරනවා. අඩු පාඩු ගණනාවක් කණ්ඩායමේ තිබෙනවා. මම ඇන්ජලෝ මැතිව්ස්ට ඕන කරන කණ්ඩායම තෝරා දුන්නා මිසක මම කිසිම වෙලාවක මට වුවමනා කණ්ඩායම නෙමෙයි තේරුවේ. ඒ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කිරීම ඒ අයගේ වැඩක්. පන්දුවාර දෙකකට විකට් දෙක තුනක් යද්දී තමන් දැනගන්න ඕන මොකක්ද ඊළඟට වෙන්න යන්නේ කියලා. ඒක නිසා ඔළුව පාත් කරගෙන පන්දුවාර කිහිපයක් සිටීමේ වැදගත්කම මෙහිදී පෙනෙනවා.
මම හිතන්නේ මහේල සංගා ඉවත්වීමත් එක්ක විශාල පීඩනයක් සියලුම දෙනාට ලැබුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අසාර්ථක වීම තුළ මේක දරා ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. මම පුහුණුකරුටත් කතා කළා. එතුමා කිව්වේ එළියට ආවම හොඳට වැඩකරනවා. නමුත් පිටිය ඇතුළේ යම් යම් ප්‍රශ්න තියෙනවා කියලයි. ඒක නිසා ඒ ගැනත් අපි සලකා බලන්න වෙනවා” යැයි වැඩිදුරටත් පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.