ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මසක පමණ තම යුරෝපා සංචාරය නිමකරමින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු රෝම ගුවන්තොටුපොළේ තනිවම රැඳී සිටින අයුරු කැමරාවට හසුකරගත් ශ්රී ලාංකිකයකු “Oh my god! Spotted Wimal Weerawansa at the Rome airport! Isn’t he like WANTED! How the mighty have fallen. NO SECURITY, NO ENTOURAGE and NOT EVEN IN A 1ST CLASS LOUNGE now!!!!! Hahaha. .. and ironically at a western airport“ සටහනද සමගින් තම ෆේස්බුක් ගිණුමෙහි පළකොට තිබෙනවා.
ඇමතිධූර දරන සමයේ මෙන් පිරිවර, ආරක්ෂාව සහ ප්රභූ සැළකිලි සත්කාර නොමැතිව මෙසේ රැඳී සිටින්න වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණෙන් ලද අත්දැකීම් සහ පලපුරුද්ද ඉවහල් වන්නට ඇත.










