FAST NEWS

24×7 Around the Globe

විනිසුරුට බේරෙන්න බැරි තරමට ක්‍රිකට් උණුසුම වැඩි වේ .

ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානය වනවිට වේගයෙන් නවීකරණයෙන් වෙමින් පවතිනවා. මේ නිසාම තරඟකාරීත්වය වැඩිවීම සහ තරඟවල උණුසුම වැඩිවීම නිතැතින්ම සිදුවන දෙයක්.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග් බෑෂ් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී තරඟයේ විනිසුරුවන්ද ආරක්‍ෂිත හිස් වැසුමක් පැළද සිටින ආකාරය දක්නට ලැබුනා. මීට හේතු වී ඇත්තේ විස්සයි විස්ස තරඟ රටාවේදී වේගවත් පිති ප්‍රහාර එල්ල වීමයි.

දේශීය තරගාවලියක් අතරතුර ඔස්ට්‍රේලිය සුපිරි පිතිකරුවකු වූ පිල් හියුස් මිය යාමේ අමිහිරි මතකය විනිසුරුවන් ආරක්‍ෂිත හිස් වැසුමක් පැළදීමට බලපෑම් කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔලුව බේරගන්න ක්‍රිකට් විනිසුරුටත් හෙල්මට් එකක්