FAST NEWS

24×7 Around the Globe

බ්‍රෙන්ඩන් මැකලම් විස්සයි විස්ස සංචිතයෙන් ඉවතට – කිත්රුවන් ධනුෂ්ක කණ්ඩායම.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියට එක්වන නවසීලන්ත සංචිතය අද (30) නම් කළේය.

බ්‍රෙන්ඩන් මැකලම් මෙම විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් කර ඇති අතර කණ්ඩායම් නායකයා ලෙස නම් කර ඇත්තේ කේන් විලියම්සන්.

කොරේ ඇන්ඩර්සන් සහ ග‍්‍රාන්ට් එලියොට්ද නවසීලන්ත විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබේ.

ශී‍්‍ර ලංකා නවසීලන්ත පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග නෙල්සන් හි හෙට (31) පැවැත්වෙන 3 වැනි එක්දින කි‍්‍රකට් තරගය සඳහාද නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ. එ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

එ අනුව හෙට තරගයේදී කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායමට නායතත්වය ලබාදෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර හෙට තරගය සඳහා ධනුෂ්ක ගුණතිලක වෙනුවට කිත්රුවන් විතානගේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ඇතැයිද වාර්තා වේ.

තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ 2 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.