FAST NEWS

24×7 Around the Globe

අන්තර් ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්වල වෙනස් වීමක්.

ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් කණ්ඩායම යළි වාර්තා පොත් අලුත් කර තිබෙනවා.

එ් එක්දින කි‍්‍රකට් පිටියේදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ගනිමින්.

සිම්බාබ්වේ කණ්ඩායම සමග සාජා හි ඊයේ (29) පැවති එක්දින තරගයේදී මොහොමඞ් ෂෙසාඞ් නොදැවී ලකුණු 131 ක් රැස් කර ගනිමින් එම වාර්තාව පිහිටුවීමට සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගයෙන්ද ඇෆ්ගනිස්ථානය ජය ගැනීමට ඉවහල් වූයේ ඔහුගේ මෙම වාර්තාගත ඉනිමයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 253 ක් රැස් කළා. එම ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී තිබියදී ඇෆ්ගනිස්ථානය පසුකර ගියේ 48 වැනි පන්දුවාරයේදීයි.

තරගාවලියේ පළමු තරගය ජයගත් ඇෆ්ගනිස්ථානය අන්තර් ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්වල හොඳම කණ්ඩායම් දහය අතරට පළමු වරට පැමිණිමට ඉකුත්දා සමත් වුණා.

230181.3rank