FAST NEWS

24×7 Around the Globe

ටජිකිස්ථානයේ විශේෂ බලකා ප්‍රධානියා IS අන්තවාදීන්ට එක්වෙයි

ටජිකිස්ථානයේ විශේෂ බලකා හමුදා ප්‍රධානියා IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සමග එක්ව ඇති බවට තොරතුරු වාර්තා වන බව බී.බී.සී.ය පවසයි.

ගුල්මුරෝඩ් ඛාලිමෝව් නමැති මොහු සිරියාවේ IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් විසින් නිකුත් කළ වීඩියෝවක කළු ඇඳුමකින් සැරසී තුවක්කුවක් අතින් ගෙන සිටින දසුන් විකාශය වීමත් සමග මෙම තොරතුර වාර්තා වී ඇති අතර, ඔහු පසුගිය මැයි මාසයේ මුල් භාගයේ සිට අතුරුදන්ව සිටියේය.

ඔහු මෙසේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සමග එක්වීමට හේතු ලෙස දක්වා ඇත්තේ ටජිකිස්ථාන් රජයේ ආගම සම්බන්ධ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමක් බවයි.