FAST NEWS

24×7 Around the Globe

දඩ මුදල් ගෙවීමේ වේගවත් හා නවතම ක්‍රමයක් එයි.

ඊසි කෑෂ් ක්‍රමය මගින් දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රථ වාහන වැරැදිවලට හසුවන රියැදුරන්ට දඩ මුදල් ගෙවීම පහසු කිරීම සඳහා මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය තාක්ෂණික දියුණුව කරා රැගෙන යන ගමනේදී මෙම ක්‍රියාවලියද ළඟදීම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.

මේ අතර සැඟවුණු අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිසිය සඳහාම වෙන්වූ විද්‍යාත්මක පර්යේෂණාගාරයක් ජාත්‍යන්තර සහාය මත පිහිටුවීමටද පොලිස්පතිවරයා සැලැසුම් කරගෙන යයි. ඒ පිළිබඳව දැනට සාකච්ඡා පවත්වමින් සිටින බවද පොලිස්පතිවරයා කියයි.

මීට අමතරව මං තීරු නීතිය කඩ කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සීසීටීවී කැමරා සවිකළ පොලිස් ජංගම රථ කීපයක් කොළඹ සහ අවට ප්‍රදේශ ආසන්නයේ අතුරු මාර්ගවල යොදවා ඇති බවද පොලිස්පතිවරයා පැවැසීය.