මේ දිනවල ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන එන්රිකේ ඉග්ලේසියස් ගායකයාගේ ලංකාවේ ප්‍රසංගය ගැන නැවත නැවත පුවත් මැවෙමින් පවතී.
අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ එන්රිකේ ප්‍රසංගයේ තනපට විසිකිරීම පිළිකුල් කරමින් කතාබහක් ඇතිවෙද්දී ජනපති මෛත්රිපාලද එය විවේචනය කළ අතර ඉන් පසු මහේල හා සංගාද ප්‍රසංගයේ ඇතිවූ අපහසුතා ගැන සමාව ඉල්ලා තිබුණි. මෙයින් පසු ජනපතිගේ කතාව විවේචනය කරමින් ඇතැම් පිරිස් අන්තර්ජාලයේ ඔහුවද විවේචනය කළ පසුව ඊයේ ජනපතිවරයා ඊටද ප්‍රතිචාර දක්වමින් අසා තිබුනේ නිරුවතින් පාරේ යන්නද මේ ඉල්ලන්නේ යනුවෙනි.
මේ සිද්ධි කිසිවක් ගැන එන්රිකේ දක්වන ප්‍රතිචාර කිසිවක් මේ දක්වා අන්තර්ජාල මාධ්‍යයේ ඔහුගේ නිල ට්විටර් ගිණුමක
හෝ නිල ෆේස් බුක් ගිණුමක පළකර නැත. නමුත් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය ගැන එන්රිකේ යයි හගවමින් ට්විටර් පණිවිඩයක් ප්‍රචාරය වන අතර එයින් ජනපතිවරයා උපහාසයට නගා ඇත.
ජනපති උපහාසයට ලක්කළ එන්රිකේගේ ව්‍යාජ ට්විටර් පණිවිඩය පහතින්









