FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමැති බිරිය ගත් පොල් පැළවලට සල්ලි ලැබේ.

ජගත් පුෂ්පකුමාර මහතා පොල් කර්මාන්ත සංවර්ධන ඇමැති ධුරය දරද්දී ඔහුගේ බිරියගේ වැලිකන්දේ වත්තට 2013 දී නොමිලේ ලබාගත් පොල් පැළ තොගය සඳහා අය විය යුතු මුදල් 2015 සැප්තැම්බර් මාසයේදී ශ්‍රියානි ඊරියගම නමැත්තියට ගෙවීමේ පුවතක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙරේදා (28) අනාවරණය විය.

කොමිසම විමර්ශන ආරම්භ කළ පසු මුදල් ගෙවීම් සිදු කර තිබෙන බවත් මෙහිදී තවදුරටත් අනාවරණය වුණි.

පොල් පර්යේෂණ ආයතනයේ කළමනාකාර (වතු) මහේෂ් ප්‍රසන්න විදානපතිරණ මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඒ බව අනාවරණය කළේ කොමිසමේ සාමාජික මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහත්වරුන්ගේ විමසීම් හමුවේ පිළිතුරු දෙමින්ය.

ඇමැතිතුමාගේ මුදල් තමා ගෙවන බව පවසමින් පොල් පැළ තුන්දහස් හත්සිය හැත්තහය වෙනුවෙන් ශ්‍රියානි ඊරියගම නැමැත්තිය මුදල් ගෙවූ බව සාක්කිකරු කොමිසම හමුවේ සාකකි දෙමින් ප්‍රකාශ කළේය.