FAST NEWS

24×7 Around the Globe

එන්රිකේ ඉග්ලේසියස්ගේ ප්‍රේමවන්තිය මෙන්න(ඡායාරූප)

ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියස්ගේ ආදර කතාව ගැන විස්තර අන්තර්ජාලය හෙළි කරන්නේ පහත පරිදිය.
ලෝකයේ සරාගීම ටෙනිස් ක‍්‍රීඩිකාවක හැටියට ප‍්‍රකට ඇනා කුර්නිකෝවා සමග වසර 14 ක් තිස්සේ පේ‍්‍රමයෙන් වෙළී සිටින බව කියන පොප් ගායක එන්රිකේ ඉග්ලේසියස් තවම විවාහ වී නැත.

2001 වසරේ ඔහුගේ එස්කේප් නමැති වීඩියෝ ඇල්බමයේ පෙනී සිටීම සඳහා රුසියානු නිරුපිකාවක හා ටෙනිස් ශූරියක වන ඇනා සහභාගීවූ කාලයේ මේ දෙදෙනා අතර පේ‍්‍රම සබඳතාව ඇරඹිණි. 2003,2005 මේ දෙදෙනා එකට සිටින ඡුායාරූප මාධ්‍ය ඔස්සේ පළවු නමුත් ඔවුන් පෙම්වතුන් බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේ වසර 8 කට පසුය. කෙසේ වෙතත් 2013 වසරේ මේ දෙදෙනා විරසකවූ බවට ආරංචි පැතිරුණද නැවත 2015 මාර්තු මස ඔවුන් බෝට්ටු සවාරියක යෙදෙන ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය වල පළවීමෙන් පසු මේ සම්බන්ධය නතරවී නැති බව හෙළිව ඇතත් ඔවුන්ගේ සබඳතා ගැන විස්තර මාධ්‍ය වෙත දන්වා නොසිටින්නට දෙදෙනාම වග බලාගෙන ඇත.
එන්රිකේ සතුව මියාමි දු පත් සමූහයේ දු පතක්ද තිබෙන අතර එය ඔහු මිලට ගෙන ඇත්තේ ඇනා වෙනුවෙන් බව පැවසේ.