FAST NEWS

24×7 Around the Globe

නිළි අයිශ්වර්යා රායි සිපගැනීමේ ප්‍රතික්ෂේප කරයි.

දියණියක උපත ලැබීමෙන් පසුව සුරූපි හින්දි නිළි අයිශ්වර්යා රායි නැවත හින්දි සිනමාවට ගෙවීයන වසරේ ඇතුළුවූයේ ‘ජැස්බා’ නමැති චිත‍්‍රපටයෙනි. ඉන් අනතුරුව ඇය ‘ආයි දිල් හයි මුසාකිල්’ නැමැති දෙවන චිත‍්‍රපටයට මේ දිනවල රූගත කිරීම් සඳහා එක්ව සිටිනවා.

බොලිවුඩයෙන් වාර්තා වන්නේ එහි ඇය සමග ප‍්‍රධාන චරිතය රගන රන්බීර් කපූර් හා ඇයට සිපගැනීමේ දර්ශන යෙදී තිබුණත් ඇය එම දර්ශන තිර පිටපතෙන් කපන ලෙස ඉල්ලා සිටි බවයි. මවක වූ පසුව තමාගේ ප‍්‍රතිරූපයට එවැනි දර්ශන වලින් හානියක් ඇතැයි පවසා ඇය එම ඉල්ලීම කර ඇත.
චිත‍්‍රපට නිර්මාණකරුවන් මේ නිසා කිසියම් අපහසුතාවයකට ලක්ව ඇති නමුත් අයිශ්වර්යා රගපාන්නට කැමතිවීම නිසා එම චිත‍්‍රපටයේ වටිනාකම ඉහළ ගොස් තිබෙන නිසා ඇගේ ඉල්ලීමට ඉඩදී ඇති බව වාර්තා වුණා. ‘ආයි දිල් හයි මුසාකිල්’ නමැති මෙම
චිත‍්‍රපටය 2016 ජුලි මස තිරගත කරන්නට නියමිතය.