FAST NEWS

24×7 Around the Globe

මහින්ද නිල ප්‍රකාශයක්‌ කළ යුතුයි-ශ්‍රීලනිප මහලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසක ලෙස ඉදිරියටත් කටයුතු කරමින් පක්‍ෂය දිනවීමට කටයුතු කරනවාද නැත්නම් පක්‍ෂයෙන් ඉවත්වී අලුත් පක්‍ෂයක්‌ ආරම්භ කිරීමට දායක වෙනවාද යන්න පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිල ප්‍රකාශයක්‌ කළ යුතු යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැරගොස්‌ අලුත් දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කිරීම තරම් සාධාරණ හේතුවක්‌ නොමැති බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් එතුමට කිසිම අසාධාරණයක්‌ සිදු වී නොමැති බවද පැවසීය. හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉවත්වී අලුත් දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කරන බව පක්‍ෂයට මෙතෙක්‌ කිසිම නිල දැනුම් දීමක්‌ කර නොමැති බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.