FAST NEWS

24×7 Around the Globe

ඈෂ්ලි නාන ඇදුමකින් සැරසී ප්‍රසිද්ධ සඟරාවකට.(ඡායා රූප)

ඈෂ්ලි ග්‍රැහැම් තරබාරු බවින් වැඩි නිරූපණ ශිල්පිණියක්. ඇය වැනි තරබාරු තරුණියකට නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීම සිහිනයක් බවයි බොහෝ දෙනකුගේ විශ්වාසය. එහෙත් පසුගියදා මෙතෙක් ඇය නිරූපණ ශිල්පීන්ට ඇති සියළු සීමා මායිම් බිඳිමින් නාන ඇදුමකින් සැරසී ප්‍රසිද්ධ සඟරාවක පිටකවරය සැරසීම සඳහා එකතුවී සිටියා.

මීට අමතරව ලෝකයේ ප්‍රමුඛ පෙළේ සඟරා වන Vogue, Harper’s Bazaar, Glamour සහ Latina වැනි සඟරා සැරසීම වෙනුවෙන්ද ඇය එකතු වී සිටියා. හොලිවුඩ් ජනමත විචාරණ වෙබ් අඩවියක් අනාවරණය කරන ආකාරයට ඈෂ්ලි මේ වනවිට ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියන් හා සම තත්ත්වයේ සිටිනවා.

ඈෂ්ලි මේ වනවිට තරබාරු කාන්තාවන් වෙනුවෙන් උපදේශන සේවාවක්ද පවත්වාගෙන යනවා. ඇය තමන්ගේ ශරීරය ගැන දරන්නේ මෙවැනි අදහසක්. ”ඔබගේ ශරීරයට ආදරේ කරන්න අකමැතිනම් එය වෙනස් කරන්න. ඒත් තමන්ගේ ශරීරය ගැන කතා කරන්න බය වෙන්න එපා.”

Looking back: Plus-size model Ashley Graham discussed her incredible 2015 as she starred in ABC 20/20's The Year specialv