FAST NEWS

24×7 Around the Globe

නව පාර්ලිමේන්තුව බොහොම හොඳ වේවි-අමාත්‍ය රාජිත සේනාරත්න

මහ මැතිවරණයකින් පසුව පත්වන ඊළඟ නව පාර්ලිමේන්තුව බොහොම හොඳ පාර්ලිමේන්තුවක් වේවි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

20 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳව කැබිනට් හමුවේදී ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

20 වැනි සංශෝධනය හරහා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ආසන මට්ටමින් 5%- 10% දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.

එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් තෝරාපත්වන ප්‍රමාණයද වැඩකිරීමට යෝජනා කර තිබේ.

20 වැනි සංශෝධනය පිළිබඳව අවසන් තීරණ ලබන සතිය තුළදී ජනාධිපති, අගමැති ප්‍රමුඛ කමිටුවක් මගින් සාකච්ඡාකර එකඟතාවයකට පැමිණීමට නියමිත බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.