ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංගට නවසීලන්තය සමග එක්දින හා 20-20 තරඟාවලියට සහභාගි වීමේ අවදානමක් මතුව තිබේ.
ඊට හේතුව ඔහු දණහිසේ ආබාධයකින් පෙළීමයි.
කොදෙව් කණ්ඩායම පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී මාලිංග දණහිසේ ආබාධයකට ලක්විය.
එම ආබාධ තත්ත්වය තවමත් සුවඅතට නොහැරීම නිසා ඔහු නවසීලන්ත සංචාරයට එක්වීම අවිනිශ්චිත බැවින් ඒ වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට එක්කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින තරඟාවලිය ලබන 26 වැනිදා සිට ආරම්භ වන අතර තරඟ 5කින් එය සමන්විතය.
තරඟාවලිය 20-20 තරඟ දෙකකින්ද සමන්විත අතර එය ජනවාරී 7 වැනිදා ආරම්භ වෙයි.






