FAST NEWS

24×7 Around the Globe

බිග් බෑෂ් – හෝබාට් ජයට සංගාගෙන් සුපිරි ඉනිමක්.

බිග් බෑෂ් විස්සයි20 තරගාවලියේ 7 වැනි තරගය ලෙස හෝබාට් හරිකන්ස් කණ්ඩායම සහ බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම අතර  ඕස්ටේ‍්‍රලියාවේ හෝබාට් පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන හෝබාට් හරිකන්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය බි‍්‍රස්බේන් හීට් කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 164 ක් පමණි. බි‍්‍රස්බේන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේසන් ෆ්ලොරෝස් පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් රැස් කළේය.

එහිදී හෝබාට් හරිකන්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෑම් රේන්බර්ඞ් ලකුණු 37 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හෝබාට් හරිකන්ස් කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක ටිම් පේන් පන්දු 58 කදී නොදැවී ලකුණු 87 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
 
කුමාර් සංගක්කාර (43) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටිම් පේන්, ජෝර්ජ් බේලි (40) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් හෝබාට් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීය.
 
පන්දු 31 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ ජෝර්ජ් බේලිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
 
හෝබාට් හරිකන්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 184
(ටිම් පේන් නොදැවී 87, කුමාර් සංගක්කාර 43, ජෝර්ජ් බේලි 40)
 
බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 164
(ජිමී පෙර්සන් 29, ලෙන්ඞ් සිමන්ස් 16, ජේසන් ෆ්ලොරෝස් 42, නේදන් රේඩන් 41, සෑම් රේන්බර්ඞ් 37/3)