ආණ්ඩුව විසින් අලුතින් ස්ථාපිත කෙරෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් සභාපතිවරයෙක් එජාපයෙන් හා අනෙක් තැනැත්තා ශ්‍රීලනිපයෙන් පත් කෙරේ.
ඉදිරි දිස්ත්‍රික් සංවර්ධන කටයුතුවලදී සියළුම සංවර්ධන ක්‍රියාදාමයන් සිදුවන්නේ මෙකී දිස්ත්‍රික් සංවර්ධන සම්බනධීකරණ කමිටු හරහාය. මෙම කමිටුවල සභාපතීත්වය පූර්ණ ඇමති ධූරයක් හා සමාන වේ. ඇමතිවරුන් සතු සියළුම වරප්‍රසාද හා බලතල මෙකී සභාපතිවරුන්ද සතුවේ.
මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස මහින්ද සමරසිංහ, මහනුවර දිස්ත්‍රික්කය සඳහා එස්.බී. දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, මාතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කොළඹ දිස්ත්‍රික්කය සඳහා සුසිල් ප්‍රේම්ජයන්ත, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා දුමින්ද දිසානායක, පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සිරිපාල ගම්ලත් යන මැති ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ දින නම් කොට තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයන් දෙදෙනෙකු වන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය එකී දිස්ත්‍රික්කයන්හි දිසා සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරය ලබාදීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත.