FAST NEWS

24×7 Around the Globe

මෙදා නත්තල විශේෂ බව නාසා ආයතනය පවසයි.

පූර්ණ චන්ද්‍රයා ඇති රාත්‍රියක නත්තල උදාවන්නේ වසර 40 කට පසුව බව ඇමරිකානු නාසා ආයතනය පවසයි. අවසන් වරට පූර්ණ චන්ද්‍රයා ඇති දිනක නත්තල උදාවූයේ 1977 වසරේ දෙසැම්බර් 25 වැනිදාය. මෙම වසරට පසු යළි පූර්ණ චන්ද්‍රයා ඇති දිනෙක නත්තල උදාවන්නේ 2034 දී බව නාසා ආයතනය පවසයි. පූර්ණ චන්ද්‍රයා ඇති රාත්‍රියක පරිසර උෂ්ණත්වය පහළ යන බැවින් දෙසැම්බර් 25 වැනිදා රාත්‍රිය පෙරට වඩා ශීතල විය හැකි බව නාසා ආයතනය පවසයි.