FAST NEWS

24×7 Around the Globe

ගුද මාර්ගයේ බිස්කට් ගෙනාවේ හලීම්ගේ ලේකම් නොවෙයිලු.

 සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර අබ්දුල් හලීම් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස සඳහන් කාඞ්පතක් රේගු නිලධාරීන්ට ඉදිරිපත් කර ඇති බව ඊයේ වාර්තා වුණා.

මෙම පුද්ගලයා සතුව ගමන් බලපත‍්‍ර 5ක් තිබී ඇති අතර නිතර නිතර විදේශ ගතවන බවත් ඒ සෑම අවස්ථාවකම රේගු කටයුතු සඳහා සහාය නොදෙන නිසා ඊයේ (22වැනිදා)මොහු පිළිබඳ විමසිල්ලෙන් සිටි රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම රන් බිස්කට් සොයා ගත් බව වාර්තා වුණා.

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ග‍්‍රෑම් 400ක රන් බිස්කට් මෙසේ ගුද මාර්ගයේ සඟවාගෙන මෙම පුද්ගලයා මෙරටට පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසා තිබේ.

මේ ගැන කරුණු කියන අබ්දුල් හලීම්  ඇමැතිවරයා හොරකම් කරන නිලධාරීන් මගේ ළඟ නැහැ.

මගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ කිසිම නිලධාරියකු විදේශ ගතවෙලත් නැහැ.

මගේ කාර්ය මණ්ඩලයේ සියලූම දෙනා ලංකාවේ ඉන්නවා. නමුත් මාධ්‍ය ආයතන ගණනාවක් මගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇති බවට ප‍්‍රවෘත්ති වාර්තා කර තිබෙනවා. එය සම්පූර්ණ අසත්‍යයක් යයි කියා ඇත.