කිම් කාර්ඩේෂියන්ගේ ශරීරයට අභියෝගයක්….

කිම් කාර්ඩේෂියන්ගේ ශරීරයට අභියෝගයක්….

සිය ශරීරය නිසා ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූ කිම් කාර්ඩේෂියන්ගේ ශරීරයට අභියෝග එල්ලකරන චරිතයක් මේ වනවිට ප්‍රසිද්ධ වෙමින් පවතින අතර, ඇය කැති ෆෙරෙයිරෝය.

කැතී කිම්ට අභියෝගයක් එල්ල කරමින් පවසන්නේ කිම්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම කෘත්‍රිමව සාදාගත්තද, තම අඟපසඟ සම්පූර්ණයෙන්ම ස්වාභාවික බවයි. මේ වනවිට 21 වැනි වියේ පසුවන කැතී, කිම් කාර්ඩේෂියන්ට වඩා අවුරුදු 13කට බාල බවද විදෙස් වෙබ් අඩවි වාර්තා කරයි.

ඊට අමතරව මේ වනවිට මියාමිහි ජීවත්වන,කියුබානු සහ ඇමෙරිකානු සම්භවයක් ඇති කැතී Cuban Kim Kardashian ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. මියාමිවල පවත්වන රාත්‍රී සමාජ ශාලා උත්සව සඳහා ඇය සහභාගී කරගැනීම සඳහා එම උත්සව සංවිධායකයන් ඇයට විශාල මුදලක් ගෙවන බවද සඳහන් වෙයි.

එයට හේතුව වී ඇත්තේ ඇය සහභාගී වන රාත්‍රී සාද සඳහා මහත් ඉල්ලුමක් ඇති වී තිබීමයි. එබැවින් ඇයව Next Kim Kardashian ලෙස හඳුන්වනු ලබයි. මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවියක් වන ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මිලියනයකට අධික පිරිසක් ඇය ලුහුබඳින බවටද තොරතුරු වාර්තා වේ.

kim2

kim3

kim