FAST NEWS

24×7 Around the Globe

සංගා ඩිල්ෂාන් සුපර් ලීගයට – මහේලට අවස්ථාව අහිමී වෙයි.

ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා එක්වීමට කුමාර් සංගක්කාරට ඊයේ (22) අවස්ථාව හිමිවුණා.

ඒ, ක්වෙටා ගැලැඩියේටර්ස් කණ්ඩායමට ඔහු එක්කර ගැනීමට තීරණය වීම හේතුවෙන්. තිලකරත්න ඩිල්ෂාන් ද කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ඔවුන් දෙදෙනාම දැනට නම්කර ඇත්තේ අතිරේක ක‍්‍රීඩකයන්ගේ නාමලේඛණයටයි. කෙසේවෙතත් මහේල ජයවර්ධනට තරගාවලියට එක්වීමට අවස්ථාව උදා වූයේ නැහැ.

ඒ කිසිදු කණ්ඩායමක් විසින් ඔහු තෝරා නොගැනීම හේතුවෙන්. පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා මූලික ක‍්‍ර‍්‍රීඩක ලැයිස්තු සැකසීම මේ වන විට සිදුවනවා. තරගාවලිය ආරම්භ වන්නේ ලබන වසරේ පෙබරවාරි මස 04 වනදායි.

මේ අතර  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් තරගාවලියටද කුමාර් සංගක්කාර මේ වන විට එක්ව සිටිනවා. හෝර්බාට් කණ්ඩායම නියෝජනය කරන ඔහු අද පැවති තරගයේදි වේගවත් ලකුණු 43 ක් රැස් කළා.