ප්‍රකට ටෙලි නාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලීගේ ප්‍රථම විවාහය රටේ ආන්දෝලනයක් ඇති කළ අමිහිරි සිදුවීම් වලින් අවසන්වූයේ පසුගිය 2011 වසරේදීය. ඉන් පසුව ඇය සම්බන්ධ බවට විවිධ පුද්ගලයින් ගැන තොරතුරු පළවුවත් ඇය වසර 4 ක් තිස්සේ විවාහ වූයේ නැත. දේශපාලනයට සම්බන්ධ කෙනෙකු සමග ඇය ලබන ජනවාරි මාසයේ නැවත විවාහ වන්නට සූදානමින් පසුවෙන බව පසුගියදා රූපවාහිනියේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඇය තහවුරු කරා.
ලබන ජනවාරියේ විවාහය සිද්ධවන බවත් ඉතා සීමිත පිරිසක් පමණක් එක්වන එම උත්සවය වැඩි ප්‍රසිද්ධියක් නොලබන දෙවැනි කසාදයක් බවත් ඇය එහිදී කියා සිටියා.
ඇගේ විවාහය ගැන වැඩි විස්තර හෙළි කළොත් අන්තර්ජාල මාධ්‍ය මගින් තමාගේ ජීවිතය අඩාල කරවන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන නිසා වැඩිය ඒ ගැන පවසන්නට නොහැකි බවද කියූ උපේක්ෂා එය පසුවට කල් තැබුවා.
2010 මහමැතිවරණයේදී එජාපයෙන් තරග වැදී මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය උපෙක්ෂා පසුගිය මහමැතිවරණයේදී පරාජයට පත්වූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ ඇයට සමීපව සිටි බොහෝ අය පරාජයේදී අහක බැලූ බවයි. කෙසේ නමුත් ඇය සනසන්නට ඒ අවස්ථාවේ සිටි එකම පුද්ගලයා ඇය විවාහ වන්නට සූදානම් වන මනමාලයා බවද ඇය පවසයි.
ඇය සම්මුඛ සාකච්ඡුාවේදී මෙසේ කියා සිටියා.
‘ලබන අවුරුද්දේ මගේ විවාහය සිද්ධ වෙනවා. එත් වැඩිය ඒ ගැන කියන්න කැමති නෑ. ලංකාවට ආපු මුල් දවස්වල මං මගෙන් ඕන කෙනෙක් අහන දේකට ගිරවෙක් වගේ හිතේ තියන දේවල් කියල දැම්මා.ඒකෙන් මට අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් ආවා.
දැන් තොරතුරු නොකිය ඉන්නෙ නෑ ඒත් හරි වෙලාව එනකං වැඩිය කියන්නෙ නෑ. මොකද අපිට ආදරෙන් ඉන්න පිරිස වගේම අපිට ඉරිසියාවෙන් වෛරයෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා.
ඊට පස්සෙ ඒ අය කුමන්ත්‍රණශීලීව අපේ ජීවිතය අඩාල කරන්න සැලසුම් කරනවා. විශේෂයෙන් අන්තර්ජාලය එහි වැටුපක් අරගෙන අපේ නම නැති කරන්න වෘත්තීය මට්ටමින් පිරිසක් යෙදිල ඉන්නවා.
මගේ විවාහයේ උත්සවයක් ගන්නවා. බොහොම සුළුවට.. ළ`ගම ඉන්න කට්ටිය තමා එන්නේ. දේශපාලන හෝ කලාවේ කාටවත් ආරාධනා කරන්නෙ නෑ. මොකද එක්කෙනෙකුට කිව්වොත් අනෙක් කෙනාට නොකිය බෑ. චාරිත්‍රානුකූලව කිසි දෙයක් වෙන්නෙත් නෑ. අපේ රෙජිස්ටේරෂන් එක විතරයි වෙන්නේ.
බොහොම කෙටි කාලයක් තුළ මං ජීවිතේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබුව කෙනෙක්. මං අම්මගෙ ආශිර්්වාදය අරන් තමා මේ සම්බන්ධෙත් ඇරඹුවේ. එක දෙයක් කියන්න ඕන. මං ඡුන්දෙන් පැරදුණා.එතකොට මං ජීවිතයේ අඳුනගත්ත වටිනාම දේ තමයි අවස්ථාවාදීන් හැමෝම මගේ ජීවිතයෙන් හැරුණා. හැබැයි මේ පුද්ගලයා ඒ කියන්නෙ මං විවාහ වෙන්න ඉන්න සහකාරයා ඒ මොහොතේ තමයි ‘උපෙක්ෂා අපි බඳිමු’ කියල කොන්ද පණ ඇතිව කෙලින් ඇවිත් මං වෙනුවෙන් කැපවීමකට කතා කළේ.
ඒක තමයි එයාගේ ලොකුම ගුණාංගය ප්‍රසිද්ධියේ මට මේ වෙලාවෙ කියන්න පුළුවන්.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.