FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංග පන්දුවාර විස්සයි 20 PSL තරගාවලියෙන් ඉවත් වේ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලබන වසරේ පැවැත්වීමට නියමිත පකිස්තාන සුපර් ලීග් (PSL) පන්දුවාර විස්සයි 20 තරගාවලියෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ.

මේදින වල පැවැත්වෙන නවසීලන්ත සංචාරයට ඇතුළත් ලසිත්, ඉන්පසුව පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

එම තරගාවලියට පෙරාතුව ආබාධයන්ට ලක්වීමේ කිසිඳු අවදානමක් ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අකමැති බවත් ඔහුගේ කළමනාකරු ලිපියක් මගින් PSL කළමනාකාරිත්වයට දන්වා ඇතැයි එරට මාධ්‍ය වල දැක්වේ.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව අධික ලෙස ක්‍රීඩා නොකරන ලෙස වෛද්‍යවරුන්ද මාලිංග ට උපදෙස් ලබා දී ඇතැයි ද පකිස්තානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

PSL තරගාවලිය පෙබරවාරි 4 වන දා සිට 24 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.