FAST NEWS

24×7 Around the Globe

මැකලම් ක්‍රිකට් සිය ක්‍රිකට් දිවියට තිත තබයි – ක්‍රිකට් ඉතිහාසයත් අලුතින් ලියයි.

නවසීලන්ත ක්‍රීකට් නායක බ්‍රෙන්ඩන් මැකලම් ලබන පෙබරවාරිදී ඔස්ට්ට්‍රේලියාවට එරෙහිව නවසීලන්තයේදි පැවැත්වෙන තරගාවලිය අවසානයේ සිය ජාත්‍යන්තර ක්‍රීකට් දිවියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

තිස් හතර හැවිරිදි නායක මැකලම් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පසුගියදා ජයගත් ටෙස්ට් තරගාවලියට පසුව ක්‍රයිස්ට්චර්ච් දී නිවේදනය කලේය .

මැකලම්ගෙන් පසු හිස්වන නවසීලන්ත කණ්ඩායමේ නායකයකත්වට කේන් විලියම්සන් පත්වීමට නීයමීත බව සඳහන් වේ.

එ අනුව මැකලම් ඉන්දියාවෙදි මාර්තු මාසයේ ආරම්භවීමට නියමීත ලෝක විස්සයි 20 තරගාවලියට සහාභාගී නොවනු ඇත.

පෙබරවාරි 20  ක්‍රරයිස්ට්චර්ච්හි පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේදී මැකලම් සිය ක්‍රීකට් දිවියට සමුදීමට නීයමීතය.

එසේම සිය ටෙස්ට් ක්‍රීකට් තරගයේ සිට අවසාන තරගය දක්වා අඛණ්ඩව තරග ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා ලෙස නායක මැකලම් ක්‍රීකට් ඉතිහාස පොත් අතරට එක්වනු ඇත.

පෙබරවාරි 12 සිට වෙලින්ටන්හි පැවැන්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගය ඔහුගේ 100 වැනි තරගය වනු ඇත.