ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් ආණ්ඩුවේ දකුණේ ඇමැතිවරයකු බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ ඉහළ නිලධාරියකුට මිස්කෝල් 31කට අධික සංඛ්‍යාවක් ලබාදී ඇති බව දැන ගන්නට තිබේ.
එම ඇමැතිවරයා විසින් ලබාදුන් 32 වැනි ඇමතුමට අදාළ නිලධාරියා විසින් උත්තර දුන් අවස්ථාවේ එම දේශපාලනඥයා ඇවන්ගාඩ් ආයතනය නිවරැදි බව පෙන්වීමට දැරූ උත්සාහයක් ලත්තැනම ලොප්වී ඇති බවද වාර්තා වේ. ඇවන්ගාඩ් සමාගම ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමේ එම නිලධාරියා ඇමැතිවරයාගේ නිවෙසට කැඳවීමටද උත්සාහ දරා ඇති අතර ඊට පිළිතුරු දෙමින් එම නිලධාරියා අදාළ ඇමැතිවරයාට පවසා ඇත්තේ ඔහුගේ නිවෙසට ඒම වෙනුවට අවශ්‍යතාවක් ඇත්නම් කොමිසමට පැමිණ තමා හමුවන ලෙසයි.
ඇවන්ගාඩ් අවි ගනුදෙනු නීති විරෝධී බව ප්‍රථමයෙන්ම හෙළි කරන ලද්දේද මේ ජනාධිපති කොමිසමෙනි.
ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් කතා කළ රජයේ ඇමැතිවරයා අදාළ නිලධාරියා සමඟ දුරකතන සංවාදයෙන් කතාවට මුලපුරා ඇත්තේ ඔහුගේ සුවදුක් විමසමින් බවද, දෙවැනුව අපේ වැඩේට මොකද කරන්නේ යනුවෙන්ද විමසා සිටි බවද ඒ අවස්ථාවේ ජනාධිපති කොමිසමේ නිලධාරියා ලබාදුන් පිළිතුර නිසා එම ඇමැතිවරයාගේ දුරකතන ඇමතීම් ඇනහිටි බවද ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කෙළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවද දැන ගන්නට ඇත. මේ අතර ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳ සිදුකරන පරීක්ෂණවලට අදාළ රස පරීක්ෂණ වාර්තා ලබාදීමේදී සිදුව ඇති ප්‍රමාදය පිටුපස රජයේ ප්‍රබලයකු සිටින බවට සැක කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දුන් මාධ්‍ය හමුවේදී පැවැසීය.
අදාළ රස පරීක්ෂණ වාර්තා ලබාදෙන ලෙස දැනුම්දී සති තුනක පමණ කාලයක් ගතවී තිබුණද ඒවා මෙතෙක් ලබානොදෙන්නේ ඉහළ තැනකින් එල්ලවන බලපෑම නිසාවෙන් බවට එම ආයතනයේ නිලධාරීන්ද පවසන බව සේනාරත්න මහතා පෙන්වා දෙයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.