අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට මහිිින්ද රාජපක්ෂ මහතා නොපැමිණීයේ තම කණ්ඩායමේ ඉල්ලීම අනුුව බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
යහ පාලන ආණ්ඩුවේ අයවැය ඊයේ සම්මත විය.
එම අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබදව එක්සත් ජාතික පක්ෂයත් යහ පාලන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පකෂයේම ඇතැම් මැති ඇමතිවරුන් රට තුල වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බවත්, එය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත්, එය දේශපාලන උවමනාව වෙනුවෙන් කෙරෙන ප්‍රචාරයක් බවත් ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එජාපයේ ක්‍රියා පිළිවෙත දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කල නිවේදනයක එබව සඳහන් වේ.
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද දැක්වේ.
ඡන්දය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නැ :
යහපාලන ආණ්ඩුවේ අය වැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා නොපැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම මතය.
එතුමාගේ ආශීර්වාදයද ඇතිව ඒකාබද්ධ විපක්ෂය දැනටමත් ක්‍රියාත්මක කරන ආණ්ඩු විරෝධි අරගලයට සුදුසුම අවස්ථාවේදී රාජපක්ෂ මහතාගේ නායකත්වය ලැඛෙන බව අවධාරණය කරමි.
යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කල අය වැය පරිපූර්ණ අයවැයක් නොවේ.
ඊයේ (19) අය වැය සම්මත වන අවස්ථාවේදී ඇතැම් සංශෝදන ගෙන එන බවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මීට පෙර පොරොන්දුවී තිබුනද එලෙස සියඵ සංශෝදන ඉදිරිපත් නොකෙරිණි.
ඇතැම් සංශෝදන ඉදිරිපත් කරන්නේ ජනවාරි මාසයේදී බව පැවසින.
හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා වසර 10 කට ආසන්න කාලයක් රටේ ජනාධිපතිවරයා ලෙසත්, මුදල් ඇමතිවරයා ලෙසත් කටයුතු කල අයෙකි.
ඒ නිසා එතුමා වැන්නෙකු මෙවැනි අසම්පූර්ණ අය වැයකට එරෙහිව හෝ ඡන්දය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි යන්න ඒකාබද්ද විපක්ෂයේ ස්ථාවරයයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ විපක්ෂය එම ඉල්ලීම ඉදිරිපත් කලේය.
කෙසේ වෙතත් ඊයේ (19) පාර්ලිමේන්තුවේදීත් ඊට පෙර රාජපක්ෂ මහතා සහභාගීවූ රැස්වීම් වලදීත් අය වැය සම්බන්ධයෙන් එතුමාගේ දැඩි විරෝධය පලවිය.
නිදිවදින ශ‍්‍රිලනිප ඇමතිලා :
ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන් සමග නිදි වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය.
යහ පාලන ආණ්ඩුවට කඩේ යමින් එක්සත් ජාතික පක්ෂය සමග නිදි වදිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව යහ පාලන ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු දැන්වත් වටහා ගත යුතුය.
මෙවැනි ජනතා විරෝධී අය වැයකට සහාය දීමෙන් හෑල්ලූවට ලක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් අවශ්‍ය නම් යහ පාලනය නමින් ඇති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව ජනතාව සමග ආණ්ඩු විරෝධි අරගලයට එකතු විය යුතුය. එය අපේ පාක්ෂිකයන් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකමකි.
යහපාලන ආණ්ඩුවට එක්ව සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ද අද එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ටත් වඩා රනිල්වාදී වී සිටිති.
මැරී ඉපදුන අය ?
ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සහ පසුගිය සංධාන ආණ්ඩුව විවේචනය කරන්නේ මැරී ඉපදුන අය ලෙසය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කරන, ඩිලාන් පෙරේරා මහතා පසුගිය ආණ්ඩුව විවේචනය කරන්නේ තමන් එම ආණ්ඩුවේ කටයුතු කල බවද අමතක කරමිනි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත. ජනතාව ඉදිරියට නොගිය ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.
මහින්ද රාජපකෂ මහතා හෝ මහින්දගේ ආණ්ඩුව විවේචනය කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව මේ අය වටහා ගත යුතුය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් සිටියදී පාක්ෂිකයන් වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කිරීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු පත් කිරීම කෙතරම් සදාචාර සම්පන්නදැයි ප්‍රශ්ණයක් මතුවේ.
කෙසේ වෙතත් අපේ වගකීම විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිවුවීම සදහා කටයුතු කිරීමයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට එකගව මේ පිළිබදව විමසා බැලිය යුතුයි.
හෘද සාක්ෂියක් නැති පුද්ගලයන් පිළිබදව අපට ඇත්තේ කණගාටුවකි. සිය හෘද ශාකෂිය පාවා දෙන පුද්ගලයන් පිළිබදව ජනතාව නිසි ප්‍රතිචාර දක්වනු ඇත.
කෙසේ වෙතත් මේ ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යැවීම සදහා කල හැකි කල යුතු සියඵ දේ සිදුු කිරීමට දිවි හිමියෙන් කැප වන බවට ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි ජනතාවට ප්‍රතිඥා දෙමු.
සුදුසුම මොහොතේදී ආණ්ඩුව පෙරලා දැමීමට අප සූදානම්. ඒ වෙනුවෙන් අප ගෙන යන සටනට එක්වන්නැයි රටට ආදරය කරන සියඵ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.