FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 08ට කලින් පැනිල්ලකුත් එක්ක ඇමති මණ්ඩලයේ වෙනසක්.

ලබන ජනවාරි මස 8 වනදාට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනවාරියේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර මෙම ඇමති මණ්ඩල සංශෝධනය සිදු කෙරුණු ඇතැයි එම ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.

අගමැතිවරයා ජ්‍යෙෂ්ඨ උපදේශකයින් පිරිසක් සමග පාර්ලිමේන්තුවේ ඊයේ (12) පැවති සාකච්ජාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

මේ අතර, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී ආණ්ඩුව සමග එක්වීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඔවුන්ට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ලබාදෙන රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.