සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර හැමීල්ටන්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රීකට් තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළේය.
එ අනුව අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් පළමු දිනයට තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 264ක් රැස් කරගෙන සිටියි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 47 (56 ) ද මීලින්ද සිරිවර්ධන ලකුණු 62 (81) ලබා ගැනීමට සමත් විය.
නොදැවී පන්දුවට පහරදෙන නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 111කට ලකුණු 63ක් ලබා සිටියි.
හෙට දිනයේ තරගය මීනිත්තු තිහකට පෙර ආරම්භ වීමට නියමීතය.
ලකුණු පුවරුව………
—————————————————-(update) පෙර පුවත පහතින්
දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර හැමීල්ටන්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රීකට් තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළේය.
සිය ප්රථම ඉනිමට පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායම මෙ වන විට කඩුලු 02ක් දැවී ලකුණු 110ක් ලබා සිටියි.
ලකුණු පුවරුව පහතින් ……………….