FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව හා ලංකාව යා කරමින් පාලමක් සහ උමං මාර්ගයක්?

ඉන්දියාවේ රාමේෂ්වරම් හා ශ‍්‍රි ලංකාවේ තලෙයි මන්නිරම යා කරමින් පාලමක් සහ උමං මාර්ගයක් ඉදිකිරීම සඳහා සියළු කටයතු සූදානම් බව ඉන්දීය ප්‍රවාහන ඇමති නිතින් ගද්කරී ඉන්දීය ලොක් සභාව අමතමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පසුගියදා දෙරටේ අගමැතිවරුන් හමුවූ අවස්ථාවලදී සාකච්ඡා කර ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව ව්‍යාපෘතියට පූර්ණ මූල්‍ය දායකත්වය දෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය රුපියල් බිලියන 240ක වියදමක් ඇස්තමේන්තු කර ඇති මෙම මාර්ගයේ දිග කිලෝමීටර් 22කි.