FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාර්ඩ් විකිණීමේ උත්සාහයක්?

ඊයේ(16) දිනපතා සිංහල පුවත් පතකට ප්‍රකාශයක් කරන නාවුක හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කියන්නේ ඇවන්ට් ගාඩ් නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු සිංගප්පූරුවේ සහ මැලේසියාවේ තිබෙන සමාගම් දෙකක් ඇවන්ට් ගාඩ් සේම ගාලු වරායේ සිට මෙකී ව්‍යාපාරය කිරීමට ඉල්ලුම් කර ඇති බවත් ලබන වසරේ ජනවාරි මාසයේදී එම සමාගම් වල නියෝජිතයන් ලංකාවට පැමිණ ඒ ගැන සාකච්ඡා කරන බවත් ය. එනම් මෙම අධික ලාභ ලබනවා යැයි කියනා මෙම ව්‍යාපාරය දැන් විදේශ සමාගම් වලට දීමට යන බවට ඉගියක් මේ හරහා ලැබී ඇත.

එමෙන්ම ආරක්ෂක ලේකම් දෙසැ.06 දා සති අන්ත පුවත්පතකට කීවේ ඇවන්ට් ගාඩ් සමාගම නාවුක හමුදාවට පවරා ගැනීම මෙකී ව්‍යාපාරය වෙනත් සමාගමකට යෑම සඳහා වූ සංක්‍රාන්ති කාලයක් බවයි.