FAST NEWS

24×7 Around the Globe

ටේලර් ස්විෆ්ට්ගේ රූපයට සමාන රුවක් මතු වේ.

සුප‍්‍රකට පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ රූපයට සමාන හැඩ හුරුකම් ඇති යුවතියක් අන්තර්ජාලය තුළ මේ දිනවල ජනප‍්‍රියත්වයට පත්ව තිබේ. ඔලිවියා ස්ටර්ගස් නැමැති අය නිව් සවුත් වේල්ස් හි පදිංචිකාරියකි. ඇයට ටේලර් ස්විෆ්ට්ගේ පෙනුම ඇති බවට මුල්ම ප‍්‍රතිචාර ලැබී ඇත්තේ මහ මගදීය.

ඉන්ස්ටර්ග‍්‍රෑම් හරහා ඇගේ ඡුායාරූප පල කිරීමේදී ද ඊට නොදෙවෙනි ප‍්‍රතිචාර ලැබෙන්නට පටන් ගෙන ඇත. ඕනෑම පසෙකින් බැලූවත් ඇය නිසැකවම ටේලර් ස්විෆ්ට් යැයි රැවටෙන පිරිස ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි වී ඇති අතර මේ වන විට ඇය ටේලර් තරමටම ජනප‍්‍රිය වීමටද පටන් ගෙන ඇත. ඒ සමගම 19 හැවිරිදි ඔලිවියාද ජනප‍්‍රිය තරුව හා සැසෙක්‍ෂමින් ඇගේ විලාසිතා අනුගමනය කිරීම ආරම්භ කර ඇත.

ටේලර් විලාසිතාවට කොණ්ඩය කපා, රතු පැහැති තොල් ආලේපන භාවිත කිරීම පමණක් අනුගමනය කළත් ඇයිටේලර් ස්විෆ්ට්’ ගේ කපාපු පළුව’ ලෙස බොහෝ දෙනා හැඳින්වීය. ටේලර් ස්විෆ්ට් රසිකයින් ඔලිවියා යන එන මග හරස් කරමින් ඇය හා ඡායාරූප ගන්නට පොර කන බව ඇය පවසයි. ඒ නිසා යන එන ගමන් බිමන් ප‍්‍රමාද වීම නිරන්තරයෙන් සිදු වන බව ඇය කියා සිටියි.